ශ්‍රී ලංකාවේ LGBTIQ අනන්‍යතා හඳුනාගැනීම

ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික දිශානතියන් සහ / හෝ ස්ත්‍රී පුරුෂ සමජභාවී අනන්‍යතාවයන් / ප්‍රකාශනයන් සහිත පුද්ගලයින් විශාල වශයෙන් කොන් වී ඇති නමුත් වැඩිහිටි ජනගහනයෙන් 12% ක් (අවුරුදු 18 – 65) LGBTIQ ලෙස හඳුනාගෙන ඇති බව පර්යේෂණවලින් හෙළි වී තිබේ. LGBTIQ ප්‍රජාවේ හැඟීම්, ඔවුන් මුහුණ දෙන අභියෝග සහ කලකිරීම් මොනවාද? LGBTIQ නොවන පුද්ගලයින් LGBTIQ ප්‍රජාව දෙස බලන්නේ කෙසේද? මේ සියලු කරුණු …

දේදුණු සවිය – ශ්‍රී ලංකාවේ එකම LGBTIQ සබැඳි වෘත්තිමය අවකාශය

ශ්‍රී ලංකාවේ නිතිමය වපසරිය සහ සමාජ අපකීර්තිය හේතුවෙන්  සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික, සහ ප්‍රශ්නභාවී (LGBTIQ )  ප්‍රජාව දිනපතාම වෙනස්කොට සැලකීම් වලට මුහුණ දෙති. එනිසා LGBTIQ පුද්ගලයින් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ රැකියාවන් සොයා ගැනීම සහ  රැකියාක් තුල රැඳී සිටිම. සම්ක්ෂණ වලින් පෙනී යන්නේ ඔවුන් සේවා ස්ථානවල බොහෝ හිරිහැර හා  වෙනස්කොට සැලකීම් වලට මුහුණ දෙන බවත්, සේවයෙන් පහකිරීමට සහ  උසස්වීම් ලබා නොදිමට වැඩි ඉඩක් ඇති බවත්ය.මෙය ඔවුන්ගේ ආර්ථික සුරක්‍ෂිතතාවයට දැඩි ලෙස බාධා පමුණුවයි. …

සර්වනාම නිවැරදිව භාවිතා කිරීමේ වැදගත්කම (#PronounsMatter)

සර්වනාම  යනු අප අනෙක් පුද්ගලයින් වෙත ආමන්ත්‍රණය කරන ආකාරයයි. ශ්‍රී ලංකාවේ ද ලෝකයේ වෙනත් බොහෝ ප්‍රදේශවල මෙන්  සර්වනාම සාමාන්‍යයෙන් ස්ත්‍රී පුරුෂ භාවය පෙන්නුම් කරයි. සාම්ප්‍රදායිකව භාවිතා කරන සර්වනාම වන්නේ ඇය/ඇයට/ඇයගේ  සහ ඔහු/ඔහුට/ඔහුගේ, ස්ත්‍රී පුරුෂ භාවය පෙන්නුම් කරයි. මේවා බහුලව භාවිතා වන්නේ  ස්ත්‍රී පුරුෂ භාවයෙනි (පුද්ගලික අනන්‍යතාවය සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ හැඟීම උපතේදී ඔවුන්ට පවරා ඇති ලිංගිකත්වයට අනූව වේ). කෙසේ වෙතත්, දැන්, ස්ත්‍රී පුරුෂ භාවය නොපෙන්වන සර්වනාම භාවිතා කිරීම සාමාන්‍ය …

“සාඩම්බර මිතුරෙක්” ව්‍යාපෘතිය

මිතුරන් යනු  සමරිසි පුරුෂ, සමරිසි කාන්තා, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික, සහ අවිනිශ්චිත අනන්‍යතාවයන් සහිත (LGBTIQ)  පුද්ගලයින්ගේ වඩාත්ම ඵලදායී සහ ප්‍රබලම හඬවල් වේ. ඔවුන් අපගේ සහෝදර සහෝදරියන්, අප‌ගේ දෙමාපියන්, ඥාතීන්, හිත මිතුරන්, ගුරුවරුන් හෝ සේවා ස්ථානයේ සගයින් හෝ විය හැකිය. කෙසේ වෙතත්, LGBTIQ නොවන පුද්ගලයින් හට පමණක් නොව, LGBTIQ පුද්ගලයින් හට ද LGBTIQ ප්‍රජාවේ අනෙකුත් සාමාජිකයින් හට මිතුරෙකු විය හැකි බව අවබෝධ කර ගැනීම වැදගත් වේ.  …

සේවා ස්ථානයේ විවිධත්වයට ඉඩදීම- අපගේ අයිතිය!

ඔබ ශ්‍රී ලංකාවේ රැකියාවක නියුතු හෝ මින් පෙර රැකියාවක නියුතුව සිටි ශ්‍රී ලාංකික LGBTIQ පුද්ගලයෙක්ද? ඔව් නම්, මෙම සමීක්ෂණය පිරවීමෙන් ඔබේ සහයෝගය අපට ලබා දිය හැකිය! ඊකුවල් ග්‍රවුන්ඩ් (EQUAL GROUND) හි අප විසින් LGBTIQ පුද්ගලයන්ට සිය රැකියා ස්ථානවලදී මුහුණ පෑමට වන අත්දැකීම් පිළිබඳ අධ්‍යයනයක් සිදු කරන්නෙමු. අපගේ ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාවේ රැකියා පරිසරයන් වඩාත් සුරක්‍ෂිත හා LGBTIQ පුද්ගලයන්ට හිතකාමී බවට …

Let’s Talk on Social Media වීඩියෝ මාලාව

දැඩි සමාජ දුරස්ථ පියවරයන් නිසාවෙන් 2020 අවුරුද්ද අනෙක් අවුරුදු වලට සාපේක්ෂව අසීරු වසරක් වූ බැවින් මෙවර කොළඹ අභිමානය සැමරීමේදී EQUAL GROUND හි අප හට වඩාත් නිර්මාණශීලී වීමට සිදු විය. වසර 16ක ඉතිහාසයේ පළමු වතාවට කොළඹ අභිමානය virtual ක්‍රමයට සැමරීමට අපට සිදුවිය. මෙවර කොළඹ අභිමානය සැමරුම් උළෙලේ දී දේදුණු සංගීත හා නර්තන ප්‍රසංගය සහ අභිමානී සිනමා උළෙල සමාජ මාධ්‍ය ඔස්සේ මාර්ගගත …

Stand Out in PRIDE!

ඡායාරූප තරඟය බොහෝ සේ සාකච්ඡා කිරීමෙන් පසු අපි ජයග්‍රාහකයින් තීරණය කර ඇත! විනිසුරුවන්ගේ තේරීම් සම්මානය තරඟය සඳහා විනිසුරුවන් 4 දෙනා, නිම්මි හරස්ගම (සම්මානලාභී නිළි), අමීනා හුසේන් (කර්තෘ සහ ප්‍රකාශක), කේසර රත්නවිබුෂන (ඡායාරූප ශිල්පි) සහ රෝසෑනා ෆ්ලෙමර්-කල්දේරා (EQUAL GROUND හි විධායක අධ්‍යක්ෂ) ජයග්‍රාහී තේරීම වු මඩකලපුවේ හබීෂා විසින් ඉදිරිපත් කරන ලද අංක 54 පින්තූරය ගැන මෙසේ සඳහන් කළේය. විනිසුරුවන් අදහස් වලින් …