TIME සඟරාව විසින් 2024 හි ලොව වඩාත්ම සුවිශේෂී පුද්ගලයින් 100 දෙනාගෙන් කෙනෙකු ලෙස රොසෑනා ෆ්ලෙමර්-කල්දේරා නම් කර ඇති බවට අපි ගෞරවයෙන් සඳහන් කරන්නෙමු!

TIME සඟරාව විසින් 2024 හි ලොව වඩාත්ම සුවිශේෂී පුද්ගලයින් 100 දෙනාගෙන් කෙනෙකු ලෙස රොසෑනා ෆ්ලෙමර්-කල්දේරා නම් කර ඇති බවට අපි ගෞරවයෙන් සඳහන් කරන්නෙමු! ගෝලීයව සැලකිය යුතු වෙනසක් ඇති කරමින්, වසර විස්සක කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ LGBTIQ අයිතිවාසිකම් වෙනුවෙන් රොසෑනා නිර්භීතව පෙනී සිටියි.

ශ්‍රී ලංකාව කාන්තාවන් අතර සමරිසි සබඳතා සාපරාධී කිරීමට එරෙහිව ඇය ගොනු කළ නඩුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2022 දී එය මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් ලෙස ලබා දුන් තීරණය සහ එහිදී ඇයගේ නොසැලෙන කැපවීම TIME හි ලිපිය ඉස්මතු කරයි. මෙම තීරණාත්මක තීන්දුව​ ශ්‍රී ලංකා දේශපාලනයේ පෙරළියක් ඇති කරමින්, සමරිසි සබඳතා නිර්සාපරාධී කිරීමට වූ ව්‍යවස්ථාදායක ප්‍රයත්නයන් පොළඹවන ලදී. යෝජිත සංශෝධනයේ ව්‍යවස්ථාපිතභාවයට එල්ල වූ අභියෝග ඇතුළුව නීතිමය බාධා මධ්‍යයේ වුවද, ෆ්ලෙමර් කල්දේරාගේ EQUAL GROUND සංවිධානය, LGBTIQ අයිතිවාසිකම්  ප්‍රවර්ධනය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. පාර්ලිමේන්තුවේ ප්‍රගතියට මග පාදමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පතට පක්ෂව තීන්දුවක් ලබා දීමත් සමඟ පසුගිය වසරේ ඔවුන්ගේ නොපසුබට උත්සාහය සාර්ථක විය. 

මෙම ලිපිය මගින් රොසෑනාගේ මෙන්ම EQUAL GROUNDහි කැපී පෙනෙන මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම, නොසැලෙන ශක්තිය සහ අභිවෘද්ධිය මුර්තිමත් කරන අතර ලොව පුරා වෙනස්කම් කරන්නන් පෙළඹවීම අගය කරනු ලබයි. සැමට සමාන මානව හිමිකම් සහිත අනාගතයක් සහතික කිරීමේ මෙම ගමනට සහයෝගය දුන් සහ සුබ පැතූ සියලු දෙනාට අපගේ හදපිරි ප්‍රණාමය!

ප්‍රතිචාරයක් ලබාදෙන්න